Sunday, July 3, 2022

වකුගඩු රෝගය පිළිබද ඔබ දැනුම්වත් ද?

 

 වකුගඩු රෝගය පිළිබද ඔබ දැනුම්වත් ද?    

 මිනිස් ශරීරය තුළ වකුගඩු යුගලයක් පිහිටා තිබේ .ශරීරයේ පවතින අත්‍යවශ්‍ය නියාමන ඉන්ද්‍රියක් වන මෙහි බෝංචි බීජ හැඩයෙන් හඳුනාගත හැකි . ඉල ඇට පෙළට යටින් එමෙන්ම කොදු ඇට පේලිය  දෙපසින් වකුගඩු යුගලය පිහිටා තිබේ. වකුගඩු අපේ ශරීරයේ ප්‍රධාන බහිස්ශ්‍රාවී ඉන්ද්‍රිය වශයෙන් ක්‍රියාත්මක වේ. අනවශ්‍ය තරල සහ අපද්‍රව්‍ය ඉවත් කිරීම මෙමගින් සිදුවේ.

     මෙම ක්‍රියාවලිය සිදු කරනු ලබන වකුගඩු නරක් වීම ලෙසින් හැඳින්වෙන්නේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය දුර්වල වීමයි. එම තත්ත්වයට හේතු සාධක ගණනාවක් බලපෑ හැකි . අධික රුධිර පීඩනය, දියවැඩියාව,, ආඝාතය ස්ථූලතාවය යන රෝග නිසාම වකුගඩු නරක් වීම සිදුවිය හැකි බව වෛද්‍ය මතය වේ.  ශරීර අභ්‍යන්තරයේ පවතින රෝගී තත්වයේ බරපතලකම මත රෝග ලක්ෂණ එක් එක් පුද්ගලයන් තුළ වෙනස් ආකාර වලින් පෙන්නුම් කරයි.  රෝග ලක්ෂණ අනුව රෝගය මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමට බොහෝ රෝගීන්ට නොහැකි වනු ඇත. වකුගඩු රෝගය පොදු ලක්ෂණයක් වශයෙන් පාදයේ, මුහුණේ මෙන්ම උදරයේ ඉදිමුම් ගතිය ඇතිවීම සිදුවේ. උදය වරුවේ මේ තත්ත්වය බොහෝවිට දැකගත හැකි . අධි රුධිර පීඩනය වකුගඩු අකර්මණ්‍ය වූ පුද්ගලයන් තුළ දක්නට ලැබෙන තවත් ලක්ෂණයකි.

     එමෙන්ම ආහාර අරුචිය, වමනය, ඔක්කාරය ද මේ රෝගීන් තුළ දක්නට ලැබෙන රෝග ලක්ෂණයන් වේ. මුඛයේ අසාමාන්‍ය රසක් දැනීම, ආහාර අඩුවෙන් ගැනීම වකුගඩු දුර්වල වන රෝගීන් තුළ දක්නට ලැබේ. බොහෝ සෙයින් වකුගඩු අක්‍රිය වී ඇත්නම් විෂ ද්‍රව්‍ය මට්ටම වැඩි වූ විට ඔක්කාරය, ඉක්කාව, වමනය ඇති විය හැකි . ශරීරය දුර්වල වීම සිදු වේ. වැඩක යෙදෙන විට ඉතා ඉක්මනින් විඩා දැනේ. මුල් අවධියේ මේ ලක්ෂණය දක්නට හැකි . පිටකොන්ද ඉතා වේදනා ගෙන දෙයි. කකුල් වල කෙන්ඩා පෙරළීම වැනි වේදනා ද මේ වකුගඩු අක්‍රිය වීමේදී ඇතිවන අපහසුතා වෙයි. තවද මුත්‍රා දැවිල්ල නිතර මුත්‍රා යාම ඒ වගේම මුත්‍රා සමඟ ලේ හෝ සැරව පිටවීම සිදුවිය හැකි . මුත්‍රා වහනය බාධා වන විට මුත්‍රා  සෙමින් පිටවීම හෝ වඩා තදබල තත්ත්වයක් ඇති වන විට මුත්‍රා පහ කිරීම සම්පූර්ණයෙන්ම සිදුකර නොහැකි තත්ත්වයට පත් වේ.  මෙම රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් 2006 වර්ෂයේ  සිට අඛණ්ඩව වර්ෂයක් පාසාම ලෝක වකුගඩු දිනයක් නම් කර ඒ හා සමගාමීව වැඩසටහන් රැසක් සංවිධානය කරයි.

    බාල ,තරුණ ,මහලු භේදයකින් තොරව ඇතිවිය හැකි රෝගී තත්ත්වයක් වන මෙය නිහඬ මාරයකු වශයෙන්  වෛද්‍යවරු පෙන්වා දෙති. තරුණ අවධිය තුළ තදබල ලෙස රුධිර පීඩනය පවතීනම් වහාම වෛද්‍යවරයෙකු හමු වීම සුදුසු වේ. වකුගඩු යුගලයම අකර්මණ්‍ය වීම  සිදු වූ විට අවසානයේ දී වකුගඩු බද්ධ කිරීමකට හෝ රුධිර කාන්දුකරණ කිරීමට සිදුවේ. වකුගඩු බද්ධය සංවර්ධනය වන රටවල සිදු වන්නේ 5% -10% අතර අල්ප ප්‍රමාණයකිනි. ඒ නැතිනම් අවාසනාවන්ත ලෙස මරණය උරුම වෙයි. වකුගඩු රෝගය නිට්ටාවට සුව කිරීමට ප්‍රතිකාරයක් නොමැති නිසාම එකම විකල්පය ලෙස සඳහන් කිරීමට හැකිවන්නේ රෝගය කල්තියා හඳුනා ගැනීම සහ ඉන් වැළකීම පමණමයි. රෝගී තත්ත්වයන් නොසලකා සිටීම ඔබ මරණයට ඉතා ඉක්මනින් ළඟා වන ක්‍රියාවකි.  වකුගඩු දුර්වල වූ පුද්ගලයන්ට එනම් වකුගඩු රෝගීන්ට ද මේ රෝගය පාලනය කරගත හැකි . එමෙන්ම ප්‍රවේශම් වීම තුළින් නිරෝගී පුද්ගලයන්ට ද වකුගඩු අවදානමෙන් මිදීමේ හැකියාව පවතී. ශරීරය නිරෝගීව පවත්වා ගැනීම ,බර නියමිත මට්ටමක පවත්වා ගැනීම ,දුම්පානය අතහැරීම, සෞඛ්‍යවත් ආහාර රටාවකට යොමුවීම ,නිරන්තර වේදනා නාශක භාවිතයෙන් තොර වීම, වසරකට වරක් වකුගඩු පරීක්ෂා කරවා ගැනීම මෙන්ම ජලය වැඩියෙන් පානය කිරීම මගින් වකුගඩු නිරෝගීව තබා ගත හැකි වේ. රෝගය මුල් අවදියේ ම හඳුනා ගැනීම තුළින් ජීවිත අවදානම අඩුවේ. නමුත් අවාසනාවට කරුණ වන්නේ බොහෝ පිරිස් මෙම රෝගී තත්ත්වය නොසලකා හැරීම සහ ඒ පිළිබඳ නියමිත දැනුම්වත් භාවයකින් තොර වීමයි.

      මෙවර වකුගඩු දින තේමාව වන වඩාත් හොඳ වකුගඩු සත්කාරයක් සඳහා දැනුම පරතරය අඩු කරගනිමු යන තේමාවට අනුව දැනුම්වත්භාවය පෘථුල කර ගැනීම මත මෙම භයානක රෝගී වැළකී සිටීමේ හැකියාව පවතී. වකුගඩු රෝගය පිළිබඳ මූලික සෞඛ්‍යමය කරුණු පිළිබඳ මහජනතාව දැනුම වර්ධනය කිරීම මෙම ගෝලීය ව්‍යාපාරය තුළින් අරමුණු කෙරේ . උතුරුමැද පළාතේ මූලික වශයෙන් වකුගඩු රෝගීන් හමුවට වර්තමානය එලෙස ප්‍රදේශයකට සීමා කිරීමක් කළ නොහැක. බොහෝ වකුගඩු රෝගීන් විවිධ ප්‍රදේශවලින් හමු වේ. ස්ත්‍රී පාර්ශවයට වඩා පුරුෂ පාර්ශවයට වකුගඩු අවදානම වැඩි බව බොහෝ අවස්ථාවල  ඔබ අසා ඇති. නමුත්  එය සත්‍යයක් නොවේ.මෙම රෝගීන් ගේ දැනුම වර්ධනය කිරීම මෙන්ම රාජ්‍ය පාලකයන්ගේ අවධානය මේ වෙනුවෙන් යොමු කරවා ගැනීම මේ වකුගඩු දිනය සැමරීම තුළින් අපේක්ෂා කරන තවත් එක් කාරණයකි. වකුගඩු දුර්වල වීම ඇරඹුණු විට එම රෝගීන් සඳහා විකල්ප දෙකක් පමණක් ඉතිරි වේ. එනම් වකුගඩුවක් බද්ධ කිරීම හෝ රුධිරය අස්කර නැවත ලබාදීම එම පිළියම් දෙක වේ . ගැළපෙන වකුගඩුවක් සොයා ගැනීම බෙහෙවින් දුෂ්කර කරුණක් වන අතර දෙවැනි කරුණ වන රුධිරය අස්කර නැවත ලබා දීම හෙවත් ඩයලයිසිස් කිරීම සතියකට දෙවරක් සිදු කළ යුතු . ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය නොවූ රටක ආර්ථික අතින් හෙම්බත් වන ජනතාවට ඩයලයිසිස් කිරීම වැනි මිල අධික ප්‍රතිකාරයන් සිදු කිරීම කළ නොහැක්කකි. මෙම ප්‍රතිකාර සිදු කිරීමට නොහැකි තැන මරණය වැළඳ ගැනීමට ඔවුන්ට සිදුවීම් අතිශය ඛේදජනක  කරුණකි.

            ශ්‍රී ලංකාවේ මෙම වකුගඩු රෝගීන්ට ඇති එකම පිළිසරණ පිළිබඳ ඔබ දැනුවත්ද? ඒ සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයයි. විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා එහි මූලිකත්වය ගෙන ක්‍රියා  කරයි . සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය යනු  වකුගඩු රෝගීන්, වෛද්‍යවරුන් මෙන්ම කලාකරුවන් හා නොයෙක් ආගමික නායකයන් එක්ව ගොඩනගන ලද සංවිධානයකි. මෙම සංවිධානයේ අරමුණ බවට පත්වී ඇත්තේ රට තුළ වකුගඩු රෝග හා බැඳුණු සෞඛ්‍ය හා සමාජ ආර්ථික ප්‍රශ්න අවම කිරීම වේ.

    වසංගතයක් මෙන් මුළු මහත් රට පුරාම ව්‍යාප්ත වෙමින් යන වකුගඩු රෝගයට පිළියමක් ලෙස ප්‍රථම වකුගඩු බද්ධ කිරීම සිදුකරන ලද්දේ මහාචාර්ය රිස්වි ෂෙරීෆ්, මහාචාර්ය ඒ. එච්  ෆෙරිෆ්ඩින්  සහ මහාචාර්ය ජී.වී ජයසේකර යන උත්තම මනුෂ්‍යත්වය කැපකිරීමෙනි එයට සමගාමීව 1985 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වකුගඩු රෝගීන්ගේ සංගමය බිහි විය. කලක්  අක්‍රියව පැවති නමුදු නැවතත් 2011 ජූනි පස්වන දා සිට සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය විසින් යළි ස්ථාපිත විය.ජීවිතයත් මරණයත් අතර කල් ගෙවන රෝගීන් ගේ හදවත් නිවාලන්නටත් දැනුම ලබා දෙන්නටත් මේ සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය, කාර්ය මණ්ඩලය සිය දායකත්වය ලබා දෙන්නේ හෘදයාංගම කැපවීමෙනි. වාර්ෂිකව මිලියනයකට අධික පිරිසක් මරු වැළඳ ගන්නා මෙම රෝගය පිළිබඳව දැනුම්වත් කිරීම්වලට අමතරව ඩයලයිසිස් ප්‍රතිකාර සඳහා පහසුකම් ලබාදීම, වකුගඩු රෝගීන්ට වියළි සලාක ලබා දීම එමෙන්ම අවශ්‍ය ඖෂධ වර්ග ලබාදීම වකුගඩු රෝගීන්ගේ දරුදැරියන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය ආදී උතුම් ක්‍රියාවන් රාශියක් මෙම සංගමය හරහා සිදු කරයි. එමෙන්ම වකුගඩුව නමින් වෛද්‍ය විද්‍යා පුවත්පතක් එළි දැක්වීම, රෝගීන් පිළිබඳ දැනුම්වත් කරමින් භාෂා තුනෙන්ම පොත් දහතුනක් මුද්‍රණය කිරීම, වකුගඩු රෝගීන්ට හැඳුනුම්පතක් නිකුත් කිරීම, වාර්ෂිකව වකුගඩු කැලැන්ඩරයක් නිර්මාණය කිරීම මෙන්ම රෝගීන් මිය ගිය විට අවමංගල්‍ය කටයුතු සඳහා උපකාර කිරීම මෙම වකුගඩු රෝගීන් ගේ සංගමය තවත් වටිනා සත් ක්‍රියාවන් වේ. ශ්‍රී ලංකාවේ පැරණිතම වකුගඩු රෝගීන්ගේ සංගමය හා එක්ව ඔබටත් සහයෝගයන් ලබා දීමේ අවස්ථාව හිමි වී තිබේ. එලෙස දායකත්වය ලබාදීමට සුපින්වත් ඔබට හැකිනම් එය ජීවිතේ ඔබ කරන මහාර්ඝ කුසල කර්මයක් වනු ඇත. සියලු වකුගඩු  රෝගීහු  කායිකවත් මානසිකවත් සුවය  ලබත්වා!

                                                                                   

2 comments: